මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙයට දින කිහිපයකට පෙර පැරිස් ඔලිම්පික් උලෙළේදී තරග කිරීමට යොදාගත් ඇඳුම් කට්ටලය ජගත් ඔලිම්පික් කමිටුවේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඊයේ ජාත්‍යන්තර ඔලිම්පික් වැඩසටහන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඈන් ජැකාර්ඩ් මහත්මිය ඉල්ලා සිටියාය. ස්විට්සර්ලන්තයේ ලූසෑන් නුවර පිහිටි අන්තර්ජාතික ඔලිම්පික් කමිටු කෞතුකාගාරයේ තරුෂිගේ ඇඳුම ‘දිරිය දියණියක්‘ යනුවෙන් ප්‍රදර්ශනය කෙරෙන අතර, ඒ වෙනුවෙන් ඇගැයීමේ සහතිකයක් ජගත් ඔලිම්පික් කමිටු සභාපතිගේ අත්සනින් තරුෂිට ලබාදේ. ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රීඩක ඇඳුම් කට්ටලයක් ජගත් ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය වන අතර, එය ඔලිම්පික් මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව සිදු කෙරිණි.
ප්‍රින්ස් ගුණසේකර
ප්‍රංශයේ පැරිස් නුවර සිට..