ඩයලොග් ආසියාටා සමාගමේ අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එල්. නසීර් මහත්වරු වෙත අනුග්‍රාහක චෙක්පත පිරිනැමූ අයුරු. වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක, බාස්කට්බෝල් සම්මේලනයේ සභාපති පෝල් නිව්මන්, හොකී සම්මේලනයේ සභාපති විශ්වනාදන් පෙරුමාල්, ඩයලොග් ආසියාටා සමාගමේ උපසභාපති (සන්නාම හා මාධ්‍ය) හර්ෂ සමරනායක, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු, ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහත්වරු ද මෙහි වෙති.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය සමඟ එක්ව ඩයලොග් ආසියාටා සමාගම විසින් පවත්වනු ලබන ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024‘ ජාතික ක්‍රීඩා සැණකෙළිය මේ මස 16 වැනිදා කොළඹදී ආරම්භ වේ. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවැත්වෙන දැවැන්තම ජාතික ක්‍රීඩා සැණකෙළිය මෙය වන අතර, දකුණු ආසියාවේ මෙවැනි සැණකෙළියක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වේ. ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල්, හොකී සහ බාස්කට්බෝල් වැනි මෙරට වඩාත් ජනප්‍රිය කණ්ඩායම් ක්‍රීඩා හතකින් සමන්විත මේ සැණකෙළිය ලබන 18 වැනිදා දක්වා පැවැත්වේ. මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තුන්දහසකට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සැණකෙළියේ ක්‍රිකට් තරග බ්ලූම්ෆීල්ඩ් සහ තර්ස්ටන් පිටියේ පැවැත්වෙන අතර, රග්බි සහ පාපන්දු තුරඟ තරග පිටියේ පැවැත්වීමට නියමිතය. වොලිබෝල් තරග කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ සහ නෙට්බෝල් තරග ටොරින්ටන් පිටියේදී පැවැත්වීමට නියමිතය. හොකී තරග පැවත්වීමට නියමිතව ඇත්තේ කෘත්‍රිම හොකී පිටියේදී වන අතර, බාස්කට්බෝල් තරග 3×3 ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.