Saturday, May 10, 2025
Home » ග්‍රැහැම් තෝප් මෙලොවින් සමුගනී

ග්‍රැහැම් තෝප් මෙලොවින් සමුගනී

by sachintha
August 6, 2024 1:42 am 0 comment

එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකු වූ ග්‍රැහැම් තෝප් මෙලොවින් සමුගත් බව ඊයේ එංගලන්ත හා වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියයන විට 55 හැවිරිදි වියෙහි පසුවූ තෝප් වසර 2022 දක්වා එරට ජාතික පිලේ පිතිහරඹ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, එම වසරේදීම ඔහු බරපතළ ලෙස රෝගී වූ බව වාර්තා වේ. වසර 1993 සිට 2005 දක්වා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100කට ක්‍රීඩා කළ ග්‍රැහැම් තෝප් එම කාලය ඇතුළත ටෙස්ට් ලකුණු 6744ක් රැස් කළ අතර, ඊට ශතක 16ක් ඇතුළත් විය. ඔහුට එංගලන්ත එක්දින පිලේ නායකයා ලෙස තරග 82ක් මෙහෙයවීමට ද අවස්ථාව ලැබී තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT