292
දීර්ඝ කාලයක් පුරා පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඉන්දීය පිලේ හිටපු පිතිකරුවකු වූ අන්ෂුමාන් ගයික්වාඩ් පසුගියදා මියගියේය. 71 හැවිරිදි වියෙහි පසු වූ ගයික්වාඩ් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40කට සහ එක්දින තරග 15කට ක්‍රීඩා කර ඇති අතර, ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු නිලධාරියකු ලෙස ද සේවය කර තිබේ.
දිගු කාලයක් එංගලන්තයේ කිංග්ස් කොලේජ් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවූ ගයික්වාඩ් යළි ඉන්දියාවට පැමිණියේ පසුගිය මාසයේදීය. ඔහුගේ ප්‍රතිකාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය රුපියල් කෝටියක මුදල් පරිත්‍යාගයක් ද සිදු කර තිබිණි.