Saturday, May 10, 2025
Home » කොළඹ රාජකීය ‘බී’ – බණ්ඩාරවෙල සාන්ත තෝමස් වාරියපොළ ශ්‍රී සුමංගල – මහනුවර ත්‍රිත්ව ‘බී’
15න් පහළ දෙවැනි කොටසේ පාසල් ක්‍රිකට්

කොළඹ රාජකීය ‘බී’ – බණ්ඩාරවෙල සාන්ත තෝමස් වාරියපොළ ශ්‍රී සුමංගල – මහනුවර ත්‍රිත්ව ‘බී’

-අර්ධ අවසන් පූර්ව වටයේ ගැටුම අදයි

by sachintha
August 6, 2024 1:12 am 0 comment

අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද (06) මින්නේරිය කාලතුවක්කු හමුදා ක්‍රීඩාංගණයේදී සහ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පසුගියවර ශූර කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’සහ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය අතර අර්ධ අවසන් පූර්ව තරගය මින්නේරිය ගනර්ස් ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන අතර, වාරියපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ‘බී’ පිල තරගය අද (06) ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේදී පැවැත්වේ.

රාජකීය- බණ්ඩාරවෙල ශාන්ත තෝමස්

පළමු වටයේදී සිය කාණ්ඩයේ ශූරයන් ලෙස දෙවැනි වටයට එක්වූ රාජකීය විදුහල් ‘බී’ පිල දෙවැනි වටයේදී දි මැසිනෝද් විදුහල් ‘බී’ පිල පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය. ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ තෙවැනි වටයේදී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය පරාජයට පත් කරමිනි. සා. තෝමස් විද්‍යාලය පළමු වටයේ දී සිය කාණ්ඩයේ අනුශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර, එහිදී බටපොළ මධ්‍ය මහා විද්‍යාලය පරදවමින් තෙවැනි වටයටත්, හලාවත ආනන්ද ජාතික පාසල පරදවා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඉසුක වික්‍රමසිංහ විසින් කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ පිල මෙහෙයවනු ලබන අතර, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාල පිල රෙහාන් ද සිල්වා විසින් මෙහෙයවනු ලබයි.

වාරියපොළ ශ්‍රී සුමංගල මමවි – මහනුවර ත්‍රිත්ව ‘බී’

වාරියපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය පළමු වටයේ දී සිය කාණ්ඩයේ ශූරයන් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබා, කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය පරදවමින් තෙවැනි වටයටත්, මතුගම ආනන්ද ශාස්ත්‍රාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලැබීය.

පළමු වටයේදී තම කාණ්ඩයේ අනුශූරයන් බවට පත්ව දෙවැනි වටයට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය ‘බී’ පිල එහිදී කටුගස්තොට ශ්‍රී රාහුල ජාතික පාසල පරාජයට පත්කොට තෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර, ඩී.එස්.සේනානායක විද්‍යාල ‘බී’ පිල පරදවා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. වාරියපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය සමුදිත ඒකනායක විසින් මෙහෙයවනු ලබන අතර, මතීෂ වීරකෝන්ගේ නායකත්වයෙන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ‘බී’ පිල තරග වදියි.

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT