Tuesday, May 6, 2025
Home » විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රතිඵලයක් ලෙස හංගේරියානු ආධාර යළි රටට ලැබුණා

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රතිඵලයක් ලෙස හංගේරියානු ආධාර යළි රටට ලැබුණා

-ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් නැවත ආරම්භ කරමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි

by sachintha
August 7, 2024 1:02 am 0 comment

ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ නතර කර තිබූ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම පිළිබඳව, විශේෂ නිරීක්‍ෂණයක් සඳහා ණය ආධාර සපයන හංගේරියානු රජයේ නියෝජිතයන් සමඟ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (06) එක්විය.

එහිදී හංගේරියානු නියෝජිතයන් වෙත පාලමේ ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කර දෙමින් ඉතාමත් ජනාකීර්ණ, ආගමික සංස්කෘතික හා සමාජය වශයෙන් විශාල වැදගත්කමක් සහිත මහනුවර නගරයේ මෙම ප්‍රදේශය තුළ පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස මෙම පාලම කඩිනමින් ඉදිකර අවසන් කිරීමේ වැදගත්කම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක අමාත්‍යවරයා ඇතුළු හංගේරියානු රජයේ නියෝජිතයෝ ආශිර්වාද ලබා ගත්හ. එහිදී ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වෙත, හංගේරියානු නියෝජිතයන් සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක කර ගැනීමෙන් අනතුරුව මෙම පාලමේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කර අවසන් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බව ද පෙන්වා දී තිබේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ, හංගේරියානු රජය නියෝජනය කරමින් Marton Laszlo (Honourable Council of Sri Lanka Hungary (CEO – Betonutepito) , නව දිල්ලි හංගේරියානු තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශක Levente Kardos, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර, ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ නලින්ද රත්නායක යන මහත්වරු සමඟ, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක නිලධාරීන්, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT