Home » දිනේෂා සුරංජනීගේ ‘ගල්ගමුවේදී’දොරට වඩී

දිනේෂා සුරංජනීගේ ‘ගල්ගමුවේදී’දොරට වඩී

by sachintha
August 7, 2024 1:14 am 0 comment

කෙටි නවකතා ගැන වැඩි කතාබහක් නැති කාලයක කොටිකාවත්තේ දිනේෂා සුරංජනී සිය කුලුඳුල් නිර්මාණය ලෙස කෙටිම කෙටි නවකතා ද්විත්වයක් එකම පොතකින් එළිදක්වා තිබේ. ඇගේ කෙටි නවකතා ද්විත්වය ‘ගල්ගමුවේදී’නමින් පසුගියදා එළිදැක්වූයේ කර්තෘ ප්‍රකාශනයක් ලෙසිනි. ඊට ‘දෙහදක තනිවී’ සහ ‘ගල්ගමුවේදී’ කෙටි නවකතා ද්විත්වය ඇතුළත්ය.

එක හුස්මට කියවිය හැකි ඉතා සරල බසින් ලියා ඇති මේ කෙටි නවකතා ද්විත්වයම නිර්මාණය වී ඇත්තේ එකිනෙකට වෙනස් තේමාවන් ඔස්සේය. ‘දෙහදක තනිවී’ පිටු 24කි. ‘ගල්ගමුවේදී’කෙටි නවකතාව පිටු 20කි. කතා ද්විත්වයම කෙටි වුවද එයින් ඉස්මතු කරන පණිවුඩය නම් ඉතා ප්‍රබලය.

ගල්ගමුව නම් වූ ඇගේ ගම් පියසේදී ඇය ලැබූ අත්දැකීම් පාදක කරමින් රචිත ‘ගල්ගමුවේදී’කෙටි නවකතාව අද අපට අමතකවී ඇති ගැමි සුවඳ මොහොතකට සිහිපත් කර දෙයි. යොවුන් ගායිකා කල්පනා කාවින්දිගේ ‘එක දවසක අපි නුපුරුදු සුවඳක හිත හෙමිහිට බැඳුණා’ ජනප්‍රිය ගීතයත් පාදක කරමින් රචිත ‘දෙහදක තනි වී’ කෙටි නවකතාව වෘත්තියෙන් ඉහළම ශ්‍රේණියේ මාණ්ඩලික හෙදි නිලධාරිනියක වූ දිනේෂා සුරංජනීගේ වෘත්තීය ජීවිතයේ ලද අත්දැකීම් ද ඉවහල් වී තිබේ.

මේ නිර්මාණ ද්විත්වයෙහි දෙවැන්නට ඇය විසින් පෙළගස්වනු ලැබූ ‘ගල්ගමුවේදී’ කෙටි නවකතාව නැවත නැවත කියවා රස විඳිය හැකි තරම් රසවත්ය. ගැමි පරිසරය ගැනත්, ගැමි ජීවන රටාව ගැනත් ඇය පාඨකයාගේ මනසට අතිශය සුන්දර ගම්මානයක් මවා පෑමට සමත් වී ඇති අතර, තවත් කරුණු ඇතුළත් කර නවකතාවක් ලෙස පාඨකයාට තිළිණ කරන්නේ නම් එය සාර්ථක නිර්මාණයක් වනු ඇත.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT