Home » බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරී

බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරී

-අන්තර්වාර රජයේ නායකත්වය නොබෙල් ත්‍යාගලාභී මහාචාර්යවරයාට

by sachintha
August 7, 2024 1:09 am 0 comment

බංග්ලාදේශයේ විරෝධතාවට නායකත්වය දුන් සරසවි සිසුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් ලෙස එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මොහොමඩ් ෂහාබුඩීන් ඊයේ පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ අගමැති ධුරයෙන් ඉවත්ව ශෙයික් හසීනා රට හැර ගොස් පැය 24කට පසුවය. බංග්ලාදේශයට හමුදා රජයක් අවශ්‍ය නොවන බවත්, පැය 24ක් ඇතුළත අන්තර්වාර රජයක් පිහිටුවන ලෙසත් ශිෂ්‍ය නායකයන් ප්‍රකාශ කර ඇති අතර, අන්තර්වාර රජයක් ස්ථාපිත කර කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන බවට එරට හමුදාපතිවරයා සිසුන්ට පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ.

බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිළිබඳ හමුදාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වෙන බවත්, අන්තර්වාර රජයේ නායකත්වයට එරට කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය මොහොමඩ් යූනුස් පත් කරන ලෙස ශිෂ්‍ය නායකයන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. දුප්පතාගේ බැංකුකරු ලෙස බංග්ලාදේශයේ ජනතාව අතර ගෞරවයට පාත්‍ර වූ නොබෙල් ත්‍යාගලාභී 84 හැවිරිදි මහාචාර්යවරයාට පසුගිය ජනවාරියේදී මාස 6ක සිරදඬුවම් නියම වූයේ ඔහු විසින් එරට ආරම්භ කරනු ලැබූ ග්‍රාමීන් බැංකුවේ සේවක සුභසාධන අරමුදල් පිහිටුවීමට අසමත්වීමෙන් එරට කම්කරු නීතිය උල්ලංඝනය කළ බවට නැඟුණු චෝදනා මත ය. සිරදඬුවමෙන් පසු ප්‍රංශය බලා ගිය මහාචාර්යවරයා එම ඉල්ලීම පිළිගෙන ඇති අතර, අද හෙටම නැවත බංග්ලාදේශයට පැමිණෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT