Home » බංග්ලාදේශයේ නිමි ඇඳුම් අපනයනය බිඳ වැටෙයි

බංග්ලාදේශයේ නිමි ඇඳුම් අපනයනය බිඳ වැටෙයි

-ඉන්දීය දේශසීමාවේ ට්‍රක් රථ සිය ගණනක් සිරවෙයි

by sachintha
August 7, 2024 1:00 am 0 comment

රැකියා කෝටාව මුල් කර ගත් ශිෂ්‍ය විරෝධතාව සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිමි ඇඳුම් අපනයනයෙන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 47ක වාර්ෂික ආදායමක් උපයන ලොව විශාලතම ඇඟලුම් නිෂ්පාදකයකු වන බංග්ලාදේශයේ සියලු අපනයන කටයුතු බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 14ක වෙළෙඳ ගනුදෙනු සිදුවන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර දේශසීමාව අසල මේ වන විටත් භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ අතිවිශාල ප්‍රමාණයක් සිර වී ඇතැයි ද, රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තුරු දෙරට අතර භාණ්ඩ ප්‍රවාහනය මුළුමනින්ම බිඳ වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මාසයකට ආසන්න කාලයක් පුරා බංග්ලාදේශයේ පැවැති සරසවි ශිෂ්‍ය අරගලය අගමැතිනිය ශෙයික් හසීනා සහ ඇගේ අවාමි ලීග් පක්ෂ රජය පෙරළා දැමීමත් සමඟ පෙරේදා නිමාවට පත්වුවද එරට ඇඟලුම් කර්මාන්තශාලා නැවත විවෘත කරන දිනයක් පිළිබඳ ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් අවසන් තීරණයකට පැමිණ නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT