ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේ පෙරේදා (05) අලුයම සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදාව දැක ඩබල් කැබ් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු පුපුරන ද්‍රව්‍ය සහිත බෑගයක් කැලෑබද ප්‍රදේශයකට විසි කර පලා ගොස් ඇත.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ නාවික හමුදාව එම බෑගය පරික්ෂා කිරීමේදී එහි තිබී ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරන ද්‍රව්‍ය කූරු 60ක්, විදුලි නොවන ඩෙටනේටර් 30ක්, C4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් තිබී හමුවී තිබේ. පසුව පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ. පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරන නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මේ වාණිජ පුපුරන ද්‍රව්‍ය මෙලෙස සවුත්බාර් ප්‍රදේශයේ සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, එම වාණිජ පුපුරන ද්‍රව්‍ය කූරු, විදුලි නොවන ඩෙටනේටර්, C4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානයට භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
රක්ෂණ ශ්‍රියන්ත