Tuesday, May 6, 2025
Home » ධම්මික බෑ කියයි පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල් ද?

ධම්මික බෑ කියයි පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල් ද?

by sachintha
August 7, 2024 1:03 am 0 comment

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් තමා ඉවත් වෙන බව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ලිපියක් යවමින් එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත දැනුම් දී තිබේ.

පෞද්ගලික හේතුවක් මත තමා මෙම තීරණය ගත් බව එම ලිපියේ ධම්මික පෙරේරා මහතා සඳහන් කර ඇත. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමන් කැමැත්තෙන් පසුවන බව ධම්මික පෙරේරා මහතා මීට පෙර සඳහන් කර තිබිණි.

අද උදෑසන බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැත්වෙන පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ අැතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ‘දිනමිණට’ සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT