ඉඩම් සම්බන්ධයෙන් ගැටලු රාශියක් පවතින අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින ඉඩම් ගැටලු සඳහා විසඳුමක් ලබා දීමට සිදු කළ දක්ෂිණ ජන මෙහෙවර ජංගම සේවා වැඩසටහනට සමගාමීව සංවිධානය කළ ප්‍රාදේශීය ජංගම සේවයක් අක්මීමන අංකොක්කාවල සුමංගල විහාරස්ථානයේදී පැවැත්විණ. මෙම ජංගම සේවය සඳහා දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහාය ලබා දී තිබූ අතර, අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ඉඩම් අංශය මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.
මෙම ජංගම සේවය තුළින් රජයේ ඉඩම් සඳහා උරුමය සින්නක්කර ඔප්පු ලබා ගැනීමට දීමනා පත්‍ර / බලපත්‍ර ලබා ගැනීම, දීමනා පත්‍ර / බලපත්‍ර ඉඩම්වල පසු අයිතිය නම් කිරීම, ඉඩම් ආරවුල් විසඳීම, ගැනුම් මිල සහන ලබා දීම, ඉඩම් සම්බන්ධ උපදේශන ලබා දීම වැනි සේවාවන් සිදු කර තිබේ.
මේ සඳහා අක්මීමන ප්‍රාදේශීය ලේකම් ටී.ජී.එස්. සජීවනී, සහකාර ප්‍රාදේශීය ලේකම් නයනතාරා ගුරුගේ යන මහත්මීන් සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය එක්ව සිටි අතර, දකුණු පළාත් ඉඩම් කොමසාරිස්වරයා ප්‍රමුඛ කාර්යමණ්ඩල නිලධාරීහු රැසක් ද ඊට සහභාගි වූහ.
අක්මීමන විශේෂ
සුනිල් ගමගේ