Home » HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ හොඳම බැංකු රක්ෂණ සමාගම වශයෙන් ගෞරවයට පාත්‍ර වේ

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ හොඳම බැංකු රක්ෂණ සමාගම වශයෙන් ගෞරවයට පාත්‍ර වේ

by damith
August 10, 2024 1:19 am 0 comment

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම එක්සත් රාජධානියේ කීර්තිමත් Global Banking and Finance Review සඟරාව විසින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු රක්ෂණ සමාගම වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇත. මෙම ගෞරවනීය ජාත්‍යන්තර සම්මානය හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුළ අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වය සහ ඒ වෙනුවෙන් දක්වන කැපවීම ඇගැයීමට ලක් කෙරෙන අතර සිය බැංකු හවුල්කරුවන් සමඟ සවිමත් සබඳතා ගොඩනඟා ගනිමින්, නව්‍ය විසඳුම් හරහා පාරිභෝගිකයින් හට ලබා දුන් අද්වීතීය සේවය HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සම්මානය සඳහා සලකා බැලුණු සුවිශේෂී සාධකයන් ලෙස හැඳින්විය හැකිය. මෙම සම්මානය HNB ජෙනරල් ඉන්ෂුවරන්ස්හි බැංකු රක්ෂණ කණ්ඩායමේ දැඩි කැපවීම සහ පසු නොබස්නා දිරිය වෙනුවෙන් ලැබුණු ඇගැයීමක් වශයෙන් සමාගමේ කළමනාකාරීත්වය සලකයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා පැවසුවේ, “HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ඉතා දීර්ඝ කාලයක් පුරා බැංකු රක්ෂණ සේවාවේ විශිෂ්ටතම ප්‍රතිඵල අත්පත් කර ගැනීම සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කර තිබෙනවා. එනිසා මේ සම්මානය සැබැවින්ම අපේ බැංකු රක්ෂණ කණ්ඩායමේ කැපවීමට ලැබුණු ගෞරවනීය පිළිගැනීමක් වශයෙන් අපි සලකනවා. ඒ වගේම මේ සම්මානය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ අපි අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය පෙන්නුම් කරන ජයග්‍රහණයක්. අපේ පාරිභෝගිකයින් සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මේ සාර්ථකත්වය ඉදිරියටම පවත්වා ගෙන යාම අපේ බලාපොරොත්තුවයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT