යාපනයේ අරාලි තුඩුවේදී ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු රණවිරුවන් හත්දෙනෙකු මව්බිම වෙනුවෙන් දිවිපුදා වසර 32ක් ගතවීම නිමිත්තෙන් අරාලි තුඩුවේ කොබ්බෑකඩුව ස්මාරකය අබියසදී ගුණ සමරු උලෙළක් පෙරේදා (08) පැවැත්වුණි.
මේ අවස්ථාවට සියලුම ආගම්වලට අයත් ආගමික නායකයින් කැඳවා රට වෙනුවෙන් දිවි පිදූ පිරිසට පින් අනුමෝදන් කළහ.
මෙම උලෙළේ ප්‍රධාන අමුත්තා වශයෙන් යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා සහභාගි විය.
සහභාගි වූ ආරක්ෂක සේනාංක ආඥාපතිවරයා ඇතුළු සෙසු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් මියගිය රණවිරුවන්ගේ ඡායාරූප අබියස මල්වඩම් තැන්පත් කොට ගෞරව සමාචාර දක්වනු ලැබීය.