Monday, May 5, 2025
Home » ශ්‍රී ලංකා නාවික හමු­දාවේ වැඩ බලන ධජ නිල­ධාරී වැඩ භාර­ගනී

ශ්‍රී ලංකා නාවික හමු­දාවේ වැඩ බලන ධජ නිල­ධාරී වැඩ භාර­ගනී

by damith
August 10, 2024 1:18 am 0 comment

ත්‍රිකු­ණා­ම­ලය විශේෂ ඒ.ටී.එම්. ගුණා­නන්ද

ශ්‍රී ලංකා නාවික හමු­දාවේ වැඩ බලන ධජ නිල­ධාරී ලෙස කොම­දෝරු සංජීව පෙරේරා මහතා පත් කරනු ලැබ තිබේ.

ත්‍රිකු­ණා­ම­ලයේ පිහිටි නාවික තටාං­ගණ දියත් විධාන මූල­ස්ථා­න­යේදී පෙරේදා (08) කොම­දෝරු සංජීව පෙරේරා මහතා වැඩ බලන ධජ නිල­ධාරී ධුරයේ රාජ­කාරී ඇර­ඹීය.

නාවික හමු­දාවේ සම්ප්‍ර­දා­යා­නු­කූ­ලව ආචාර පෙළ­පා­ළි­ය­කින් කොම­දෝරු සංජීව පෙරේරා මහතා පිළි­ගනු ලැබූ අතර හිටපු වැඩ බලන ධජ නිල­ධාරී කපි­තාන් රංජිත් වල්ග­ම්පාය මහතා එම ධුරයේ රාජ­කාරි කොම­දෝරු සංජීව පෙරේරා මහතා වෙත භාර­දීම සිදු කරනු ලැබීය.

වැඩ බලන ධජ නිල­ධාරී ලෙස කොම­දෝරු සංජීව පෙරේරා මහතා සිය ධුරයේ රාජ­කාරී අර­ඹ­මින් පසෙ­කින් වැඩ බලන ධජ නිල­ධාරී ලෙස කට­යුතු කළ රංජිත් වල්ග­ම්පාය මහතා ද සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT