Home » දකුණු ආසි­යානු රටක් දිනා­ගත් එකම රන් පද­ක්කම පාකි­ස්තා­න­යෙන්

දකුණු ආසි­යානු රටක් දිනා­ගත් එකම රන් පද­ක්කම පාකි­ස්තා­න­යෙන්

by damith
August 10, 2024 1:18 am 0 comment

ප්‍රින්ස් ගුණ­සේ­කර ප්‍රංශයේ පැරිස් නුවර සිට..
රන් පද­ක්ක­ම්ලාභි අර්ෂාඩ් නදීම්
  • ඉන්දි­යාව පහ­ළට දමා අර්ෂාඩ් ඉති­හා­ස­යට එක් වෙයි
  • රු. කෝටි 6 මුදල් තෑග්ගක් සමඟ ඔහුගේ නමට ක්‍රීඩා ඇක­ඩ­මි­යක්

පැරිස් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළේදී දකුණු ආසි­යානු කලා­පයේ රටක් දිනා­ගත් එකම රන් පද­ක්කම පාකි­ස්තා­නයේ අර්ෂාඩ් නදීම් දිනා ගත්තේය. හෙල්ල විසි කිරීමේ දැවැ­න්ත­යකු වූ අර්ෂාඩ් නදීම් වසර 40කට පසු පාකි­ස්තා­නයේ පළමු ඔලි­ම්පික් රන් පද­ක්කම දිනා ගැනීම ඊයේ සිදු විය. ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාං­ග­ණ­යේදී අර්ෂාඩ් නදීම් දැක්වූ දක්ෂ­තා­වෙන් පැය කිහි­ප­ය­කට පසු පාකි­ස්තාන රජය රුපි­යල් මිලි­යන 50ක් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 6) වටිනා මුදල් ත්‍යාග ප්‍රකා­ශ­යට පත් කළ බව වාර්තා විය.

මෙතෙක් හෙල්ල විසි කිරීමේ ඔලි­ම්පික් රන් පද­ක්කම දිනා සිටි ඉන්දි­යාවේ නිරාජ් චොප්රා (මීටර් 89.45) දෙවැනි තැනට ඇද දම­මින් 27 හැවි­රිදි අර්ෂාඩ් තම දෙවැනි විසි­කි­රී­මේදී මීටර් 92.97ක දැවැන්ත දක්ෂ­තා­ව­යක් දක්ව­මින් ඓති­හා­සික රන් පද­ක්කම දිනා ගැනී­මට සමත් වූවේය. එය ඔලි­ම්පික් වාර්තා­වක් වූ අතර, 2008 බීජිං­හිදී නොවේ ජාතික ඇන්ඩ්‍රි­යාස් තොරි­කි­ඩ්සන් විසින් පිහි­ටුවා තිබූ මීටර් 90.57ක වාර්තාව මකා දැමු­වේය.

“පාකි­ස්තාන රජය ජාතික වීරයා වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 50ක් ප්‍රකා­ශ­යට පත් කර ඇත” යනු­වෙන් කරච්චි නග­රා­ධි­පති මුර්ටාසා වහාබ් උපුටා දක්ව­මින් රාජ්‍ය රූප­වා­හිනි විකා­ශය වන පීටීවී ප්‍රවෘත්ති වාර්තා කළේය. එම රන් පද­ක්කම පකි­ස්තාන ජන­තා­වට තෑග්ගක් ලෙස හැඳින්වූ අග­මැ­ති­ව­රයා, අර්ෂාඩ් නදීම්ගේ නමින් ක්‍රීඩා ඇක­ඩ­මි­යක් කර­ච්චියේ පිහි­ටු­වන බවට ද ඔහු පොරො­න්දු­වක් ලබා දුන්නේය.

1984න් පසු පාකි­ස්තා­නය ඔලි­ම්පික් රන් පද­ක්ක­මක් දිනා­ගත් පළමු අව­ස්ථාව මෙය වූ අතර, පාකි­ස්තා­නය 1992න් පසුව දිනා­ගත් පළමු ඔලි­ම්පික් පද­ක්කම ලෙසත් වාර්තා පොතට එක්වූ­වේය. ඔලි­ම්පික් උලෙ­ළේදී ඊයේ (9) වන විට පද­ක්කම් දිනා ගත් රට­වල් 75ක් අතර 54 වැනි ස්ථානයේ පාකි­ස්තා­නය පසු විය. ඉන්දි­යාව ක්‍රීඩා ඉසව් 16ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 110කගේ කණ්ඩා­ය­මක් මෙවර සභ­භාගි කරවා රිදී පද­ක්ක­මක් හා ලෝකඩ පද­ක්කම් 4ක් සමඟ 64 වැනි ස්ථානයේ සිටී. පාකි­ස්තානු පැරිස් ඔලි­ම්පික් කණ්ඩා­යම හත් දෙනෙ­කු­ගෙන් සම­න්විත විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT