Home » ජනපතිවරණයේදී හිටපු ජනපති චන්ද්‍රිකා නිෂ්ක්‍රිය වෙයි

ජනපතිවරණයේදී හිටපු ජනපති චන්ද්‍රිකා නිෂ්ක්‍රිය වෙයි

by chanaka
August 12, 2024 12:29 pm 0 comment

2024 ජනාධිපතිවරණය සඳහා තරඟ කරන කිසිදු අපේක්ෂකයකුට සහයෝගය නොදීමට තමන් තීරණය කළ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.

ඊයේ(11) අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයේ ක්‍රියාකාරින් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවක දී මේ බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් තමන්ට පුද්ගලිකව ඕනෑම අයෙකුට සහාය දීමේ අවස්ථාව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමාගේ කිසිඳු විරෝධයක් හෝ අකමැත්තක් හෝ නොමැති බවත් හිටපු ජනාධිපතිවරිය සඳහන් කළාය.

එහිදී පැමිණ සිටි පාක්ෂිකයින් ප්‍රධාන අපේක්ෂකයින්ට සහාය පළ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කළත් හිටපු ජනාධිපතිවරිය ඊට කිසිඳු කැමැත්තක් නොදැක් වූ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකාවක් බව ද, තවමත් පක්ෂයේ අනුශාසකවරියක් බව ද පවසා ඇති හිටපු ජනාධිපතිවරිය පක්ෂයේ ඇතැම් පිරිස් පක්ෂයට සිදුකරන හානිය පිළිබඳ දැඩි කලකිරීමකින් පසුවන බව ද සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT