Home » උගන්ඩාවේ කසළ කන්දක් නායයෑමෙන් 18 ක් මරුට

උගන්ඩාවේ කසළ කන්දක් නායයෑමෙන් 18 ක් මරුට

by chanaka
August 12, 2024 1:30 pm 0 comment

උගන්ඩාවේ, කම්පාලා අගනුවර කසළ කන්දක් නායයෑමෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී, කසළ කන්දට යටවූ තවත් 14 දෙනෙකු බේරාගැනීමට හැකිව ඇත.

දශක ගණනක් පැරණි එම කසළ කන්ද අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑමට ලක්ව ඇති අතර, ඒ ආසන්නයේ පිහිටි නිවාස ඊට යට වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

උගන්ඩාවට පසුගිය සති කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබුණු අතර ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ නායයෑම් ඇති විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT