Home » දකුණු අප්‍රිකාවේ ‘රූ රැජිණ‘ කිරුළ බිහිරි තරුණියකට

දකුණු අප්‍රිකාවේ ‘රූ රැජිණ‘ කිරුළ බිහිරි තරුණියකට

by chanaka
August 12, 2024 3:13 pm 0 comment

දකුණු අප්‍රිකාවේ රූ රැජිණ ලෙස Mia le Roux නම් බිහිරි තරුණියක් කිරුළ හිමිකරගත්තාය.

එම කිරුළ හිමිකරගත් පළමු බිහිරි තරුණිය ලෙස මියා වාර්තා පොතට එක් වූවාය.

දැනට 28 හැවිරිදි වියේ පසුවන මියා, ශ්‍රවණ දුර්වලතාවයකින් පෙළෙන බව හඳුනාගෙන තිබුණේ ඇයට වයස අවුරුද්දක් පමණ වන විටදීය.

ඇයට ශබ්දය හඳුනා ගැනීම පහසු කිරීම සඳහා ශ්‍රවණ උපකරණයක් සවිකර ඇති බව සඳහන් ය.

සිය කථන හැකියාව ඇතිකර ගැනීම සඳහා වසර දෙකක් පමණ වෙහෙසීමට සිදුවූ බව ඇය පැවසුවාය.

මේ වනවිට නිරූපිකාවක් ලෙසත් වෙළෙඳ කළමනාකාරිනියක් ලෙසත් සේවය කරන මියා පවසන්නේ, “මම දැන් දන්නවා මාව මේ ලෝකෙට එව්වේ සීමාවන් බිඳින්න…මම ඒ දේ අද රෑ සිදුකළා…” යනුවෙනි.

නයිජීරියානු ජාතික පියෙකුට සහ මොසැම්බික් සම්භවයක් ඇති මවකට දාව දකුණු අප්‍රිකාවේ සොවෙටෝ හි උපත ලද මියා, මෙම තරඟයට සහභාගී වීමත් තරඟයේ අවසන් තරඟකාරිය බවට පත්වීමත් මතභේදයට තුඩු දුන්නේ බොහෝ දකුණු අප්‍රිකානුවන් ඇය තරඟයට සහභාගී වීමට විරෝධය පළ කිරීමත් සමඟය. ඒ ඇය සැබවින්ම දකුණු අප්‍රිකානු ජාතිකයෙකු නොවන බව උපුටා දක්වමින් ය.

ඇය දකුණු අප්‍රිකාවේ ඉපදී සියලු තරඟ අවශ්‍යතා සපුරාලමින් සිටියද සමාජ මාධ්‍ය ප්‍රහාර ඇගේ නයිජීරියානු උරුමය ඉලක්ක කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT