Saturday, May 17, 2025
Home » මැතිවරණ කොමිසමෙන් විශේෂ පණිවුඩයක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ පණිවුඩයක්

by chanaka
August 14, 2024 3:12 pm 0 comment

එළැඹෙන ජනාධිපතිවරණයේදී ආබාධිත පුද්ගලයින් ඡන්දය භාවිත කිරීමේදී ඔවුන්ට නිකුත්කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද දායකයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතු දෑ පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ,

“වලංගු ජාතික හැඳුනුම්පතක්, වලංගු රියදුරු බලපත්‍රයක් හෝ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක්, සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති විශ්‍රාමික හැඳුනුම්පත. ඒ එක්කම පූජ්‍ය පූජක උතුමන් වෙත පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පත, ඒ වගේම මේ කිසිම දෙයක් නැති අයට පුළුවන් තමන්ගේ ග්‍රාම නිලධාරීවරයා සමග මැතිවරණ කාර්යාලයට ගිහිල්ලා තාවකාලික හැඳුනුම්පතක් ලබාගන්න. එත් එක්කම මෙවර විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණා ආබාධිති ප්‍රජාව සඳහා අපි නිකුත්කළා තවකාලික හැඳුනුම්පතක් ඔවුන්ට ඒ තාවකාලික හැඳුනුම්පත පාචිච්චි කිරීමේ හැකියාව තියෙනවා.”

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT