Saturday, May 10, 2025
Home » මන්නාරම ඓතිහාසික මරුදමඩු මංගල්ලය හෙට

මන්නාරම ඓතිහාසික මරුදමඩු මංගල්ලය හෙට

by sachintha
August 14, 2024 3:59 am 0 comment

මන්නාරම ඓතිහාසික මරුදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය හෙට ඇරැඹීමට නියමිත අතර (15 වැනිදා) අවශ්‍ය සියලු කටයුතු යොදා ඇතැයි මන්නාරම රදගුරු අතිඋතුම් එමානුවල් ප්‍රනාන්දු හිමිපාණෝ ප්‍රකාශ කළහ.

මන්නාරම මඩු දේවස්ථානයේ අද (14) රාත්‍රියේ පැවැත්වෙන විශේෂ පූජාවෙන් හා 15 වැනිදා උදෑසන පැවැත්වෙන ආශීර්වාද පූජාවෙන් පසුව මඩු වාර්ෂික මංගල්ලය අවසන් වන අතර, ඒ සමඟම මඩු වන්දනා සමයද අවසන් වෙයි.

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය සිදු කරනු ලබන විශේෂ කමිටුව මන්නාරමේ මඩු දේවස්ථානයේදී රැස් වූ අවස්ථාවේදී සංවිධායක කමිටුව ප්‍රකාශ කොට සිටියේ මෙවර මඩු මංගල්ලය සඳහා බැතිමතුන් ලක්ෂ පහක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම් හා ආහාර පාන පහසුකම් සපයා දීමට මෙහිදී එක් එක් කමිටු පත් කළ අතර ඊට යුද හමුදා, පොලිස්, නාවික හමුදා නිලධාරීන්ද ඇතුළත් වූහ.

මේ දිනවල මඩු හා මන්නාරම් ප්‍රදේශයට අධික වැසි පතිත වන නිසා මඩු දේවස්ථාන භූමියේ කඳවුරු බැඳීමට සූදානමින් පැමිණෙන පිරිස් ආලෝකය සපයා ගැනීම පිණිසත් අධික සීතලට හා වැස්සට ඔරොත්තු දෙන ආකාරයේ ඇඳුම් පැලදුම් සකස් කරගෙන පැමිණෙන ලෙසත් මඩු වාර්ෂික මංගල්ල කමිටුව බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

වර්ෂාවත් සමඟම සර්පයින් ගැවසීමේ අවදානමක් හට ගන්නා නිසා ඒ ගැන සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටින කමිටුව මඩු දේවස්ථානය පිහිටා ඇත්තේ වන ගත ප්‍රදේශයක බැවින් අබලන් වාහනවලින් වන්දනා නඩ රැගෙන ඒමෙන් වළකින ලෙසද ඉල්ලා සිටියි.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT