Sunday, May 11, 2025
Home » ජානිපෙ පුත්තලම මන්ත්‍රී ජගත් ප්‍රියංකරගේ සහායත් රනිල්ට

ජානිපෙ පුත්තලම මන්ත්‍රී ජගත් ප්‍රියංකරගේ සහායත් රනිල්ට

by sachintha
August 14, 2024 3:21 am 0 comment

ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක් වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ මන්ත්‍රීවරයා සිය සහයෝගය ලබා දෙන බවට ඊයේ (13) දැනුම් දුන්නේය.

මේ අතර සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු ඇමැති විජිත් විජයමුණු සොයිසා මහතා ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය දෙන බවට පෙරේදා (12) පස්වරුවේ ජනාධිපතිවරයා හමු වී පැවසුවේය.

චමීර ඇල්ලදෙනිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT