210
ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්රික් නායක පාර්ලිමේන්තු මන්ත්රී ජගත් ප්රියංකර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක් වී තිබේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වූ මන්ත්රීවරයා සිය සහයෝගය ලබා දෙන බවට ඊයේ (13) දැනුම් දුන්නේය.
මේ අතර සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු ඇමැති විජිත් විජයමුණු සොයිසා මහතා ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය දෙන බවට පෙරේදා (12) පස්වරුවේ ජනාධිපතිවරයා හමු වී පැවසුවේය.
චමීර ඇල්ලදෙනිය