Saturday, May 10, 2025
Home » දිලිත් කොමියුනිස්ට් පක්ෂයෙන් ඇප බඳී

දිලිත් කොමියුනිස්ට් පක්ෂයෙන් ඇප බඳී

-දැන් මුළු ගණන 36ක්

by sachintha
August 14, 2024 3:23 am 0 comment

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් දිලිත් සුසන්ත ජයවීර, සමාජවාදී ජනතා පක්ෂය වෙනුවෙන් නුවන් සංජීව බෝපගේ, සමබිම පක්ෂය වෙනුවෙන් නාමල් රාජපක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස පොල්ගම්පල රාලලාගේ චමින්ද අනුරුද්ධ මහතවරු ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම හමුවේ ඊයේ (13) ඇප මුදල් තැන්පත් කළේය.

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12ට අවසන් කෙරෙන අතර පෙරවරු 9ට ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර පෙරවරු 11ට එම කටයුතු නිම කිරීමට නියමිතය. ඊයේ (13) වන විට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 36ක් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් පක්ෂයක් මෙන්ම ස්වාධීන අපේක්ෂකයන් 16ක් මැතිවරණ කොමිසම හමුවේ මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇත.

පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් තැන්පත් කළ යුතු වන අතර අනෙකුත් අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 75,000ක් ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු වේ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT