Saturday, May 17, 2025
Home » “මිත්‍ර ශක්ති” ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාස ඇරඹෙයි

“මිත්‍ර ශක්ති” ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාස ඇරඹෙයි

by chanaka
August 14, 2024 3:17 pm 0 comment

ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසයේ සමාරම්භය සනිටුහන් කරමින් දෙරටේ භට පිරිස් වල සහභාගීත්වයෙන් සමාරම්භක පෙළපාලිය අද (14) මාදුරුඔය යුද පුහුණු පාසලේදි පැවැත්විණි.

59 වන සේනාංකයේ සේනාංකාධිපති හා මෙවර මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ අධ්‍යෂක මේජර් ජෙනරල් දිනේශ් උඩුගම මහතා මෙම සම්මාන පෙලපාලියේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගි වු අතර පෙලපාලිය අනතුරුව මෙම යුධ අභ්‍යාසය ආරම්භ කිරීමේ නිල ප්‍රකාශයද නිවේදනය කිරිම හා මෙම අභ්‍යාසයට සහභාගි වි සිටින ඉන්දිය සහ ශ්‍රි ලංකා භට පිරිස් ඇමතීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදුකළේය.

සමාරම්භක පෙළපාලිය සදහා 3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් රොෂාන් වීරක්කොඩි අණ දුන් අතර දෙරට නියෝජනය කරමින් මේජර් රුවන් කරුනාතිලක හා මේජර් කුල්ජිත් පූනව් දෙවෙනි අණදෙන නිලධාරීන් වශයෙන් කටයුතු කරන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT