Sunday, May 11, 2025
Home » කුඩු සමඟ හසුවූ ගුරු­ව­රිය හා සැමියා යළි රිමාන්ඩ්

කුඩු සමඟ හසුවූ ගුරු­ව­රිය හා සැමියා යළි රිමාන්ඩ්

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

අනු­රා­ධ­පුර උපාලි ආනන්ද

පොසොන් සතියේ අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සියේ දූෂණ මර්දන අංශය මඟින් රුපි­යල් කෝටි එක­හා­මා­ර­කට අධික වටි­නා­ක­ම­කින් යුත් හෙරො­යින් කිලෝ එකයි ග්‍රෑම් 10ක් සමඟ අනු­රා­ධ­පුර බුලං­කු­ල­මේදී සැක­සිට අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් කර සිටින අනු­රා­ධ­පුර නග­රයේ ප්‍රසිද්ධ පාස­ලක සේවය කරන ගුරු­ව­රිය සහ සංචා­රක මණ්ඩ­ලයේ සහා­යක සූප­වේ­දි­යකු වන ඇගේ සැමියා මේ මස 26 දින දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සහ අති­රේක දිසා විනි­සුරු නාලක සංජීව ජය­සූ­රිය මහතා නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් සිදු කෙරෙන විම­ර්ශ­න­වල ප්‍රග­තිය දැක්වෙන වාර්තා­වක් අධි­ක­ර­ණය හම­වුට ඉදි­රි­පත් කරන ලෙස­ටද ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සියේ දූෂණ මර්දන අංශ­යට තව­දු­ර­ටත් නියෝග කෙරිණ. මෙසේ යළි රිමාන්ඩ් කළේ වීර­ඹු­ගෙ­දර උහූ­මීය කොට්ටල හංදිය ලිපි­නයේ කේ. ආර්. රුක්ෂලා සෙව්වන්දි ජය­රත්න නමැති අනු­රා­ධ­පුර නග­රයේ ප්‍රධාන පෙළේ පාස­ලක සේවය කරන 26 හැවි­රිදි ගුරු­ව­රි­යක සහ ඇයගේ සැමියා වන කෑගල්ල දැදි­ගම, මහ­ප­ල්ලේ­ගම, කුඩා­ප­ල්ලේ­ගම, ගල්කො­ටු­ව­වත්ත ලිපි­නයේ එච් හේෂාන් වීර­සිංහ නැමති 28 හැවි­රිදි සංචා­රක මණ්ඩ­ලයේ සහා­යක සූප­වේ­දි­යෙකි.

පැමි­ණිල්ල වෙනු­වෙන් අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොල­සියේ දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් වන කරු­ණා­රන්න වන්නි­නා­යක සහ එච් එම් හේරත් යන මහ­ත්ව­රුන් පෙනී සිටි­යහ. අනු­රා­ධ­පුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි තිලිණ හේවා­ප­ති­රණ මහ­තාගේ නියෝග මත අනු­රා­ධ­පුර දූෂණ මර්දන අංශයේ ස්ථනා­ධි­පති උප පොලිස් පරි­ක්ෂක සාගර රණ­සිංහ මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් සැක­කාර ගුරු­ව­රිය සහ ඇගේ සැමියා හෙරො­යින් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT