Home » වෙඩි­ක්කරු සමඟ පොර­බදා ත්‍රිරෝද හිමි­කරු දිවි රැක ගනී

වෙඩි­ක්කරු සමඟ පොර­බදා ත්‍රිරෝද හිමි­කරු දිවි රැක ගනී

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන

හික්කඩුවේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී කුලී ත්‍රී රෝද රථ හිමිකරුවකුට ඊයේ (14) සවස යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ටී-56 අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහදරා ඇත.

ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව හෝටලය අසල රැඳී සිටි ත්‍රීරෝද රථ රියදුරුව පෙන්වා යතුරුපැදියේ පසුපස සිටි පුද්ගලයා විසින් “ඌට ගහන්න “ යැයි පවසා ඇති බවත් ඒත් එක්කම යතුරුපැදියේ පසුපස සිටි පුද්ගලයා ටී-56 අවියක් රැගෙන වෙඩි තැබීමට සූදානම් වනවාත් සමඟ ත්‍රීරෝද රථයේ රියදුරු ටී-56 අවිය අල්ලාගෙන වෙඩි තැබීමට ඉඩ නොදී වෙඩික්කරු සමඟ පොරබදා තිබේ.

එහි දී ටී-56 අවිය බිම වැටී ඇති බවත් යතුරුපැදිකරු යතුරුපැදිය හරවාගෙන වෙඩික්කරුට කෑගැසීමට පටන් ගැනීමත් සමඟ බිම වැටී තිබුණු ටී-56 අවිය රැගෙන දුවගොස් යතුරුපැදියේ නැ‍ඟී පළාගොස් ඇත.

මෙම සිදුවීම ආරක්ෂක කැමරාවලද සටහන්වී තිබී ඇති බව පොලිසිය කියයි. තමාට වෙඩි තැබීමට තරම් තරහකාරයෝ නැති බව ත්‍රීරෝද රථ රියදුරු පොලිසියට පවසා තිබේ. තමාට වෙඩි තබන්නට ආවේ ඇයිදැයි ත්‍රීරෝද රථ රියදුරුද නොදන්නා බව පවසන බැවින් බුද්ධි අංශ යොදා ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සොයා බැලීමක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම පොර බැදීම සිදුවූ ස්ථානයේ බිම වැටී තිබී ටී 56 පතොරමක්ද පොලිසියට හමුවී ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT