මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු තංගල්ල විතාරන්දෙණියේදී ජීප් රථයකින් යට කර පලායමින් සිටි ප්රංශ ජාතික පුද්ගලයකු තංගල්ල මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් පෙරේදා (13) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීප් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ 32RD. LAZARE. 91120. PALAISEAV. FRANCE යන ලිපිනයේ පදිංචි HERVE YVES CALLIGARO නමැති ප්රංශ ජාතික පුද්ගලයායි.
සැකකාර ප්රංශ ජාතිකයා ජීප් රථයකින් වීරකැටිය දෙස සිට තංගල්ල දෙසට යමින් සිටියදී විතාරන්දෙණිය ප්රදේශයේ මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයකුගේ ඇඟේ ගැටී තිබේ. අනතුර සිදුකළ ප්රංශ ජාතිකයා ජීප් රථය නොනවත්වා අධික වේගයෙන් ප්රදේශයෙන් පලාගොස් තිබේ. ජීප් රථයේ ගැටීමෙන් තුවාල ලැබූ 40 හැවිරිදි අංක 189, තේනගම, විතාරන්දෙණිය ලිපිනයේ පදිංචි ජයසේකර කංකානම්ගේ ක්රිෂාන්ත නමැති අය ප්රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ තංගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අනතුර සිදුකර පලාගිය සැකකාර ප්රංශ ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු තංගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.a