දිවයිනේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් ජාඇළ දී පැවති රාත්‍රී සංගීත සංදර්ශනයකදී නරඹන්නන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකික් 20 හැවිරිදි තරුණයකු පිහි ඇනුම් කා බරපතළ තත්ත්වයෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ජාඇළ පොලිසිය පවසයි.
ජාඇළ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ආදි ශිෂ්‍ය සංගමය තම පාසලේ ක්‍රීඩංගණය සංවර්ධනය කිරීම සඳහා ආධාර මුදල් ලබා ගැනීමේ අරමුණින් සංවිධාන කර ඉකුත් දින ජාඇළ සෙක්කුවත්ත ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද සංගීත සංදර්ශනය අතරතුර එය නැරඹීමට පැමිණි දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම සිද්ධිය ඇතිවී ඇති බව පොලිසිය පවසයි. පිහි ඇනුම් කෑ තරුණයාට අමතරව තවත් තරුණයෙක් මෙහිදී දැඩි පහරකෑමකට ලක්ව බරපතළ තුවාල සහිතව ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. රෝහල් ගතකර ඇති දෙදෙනාගෙන් එක් අයකු තුඩැල්ල ප්‍රදේශයේ ද අනෙකා ඒකල ප්‍රදේශයේ ද පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනාම අදාළ සංගීත සංදර්ශනය සංවිධානය කළ පාසලේම අධ්‍යාපනය ලබමින් සිට පසුගිය වසරේ පාසලෙන් ඉවත්වූ ආදි සිසුන් දෙදෙනෙකු බව එම විදුහල් පාලනාධිකාරිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට කිසිම සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන නැත.