Home » ආදි සිසු­වෙක් බර­ප­තළ තුවාල ලබා රෝහලේ
ජාඇළ ප්‍රසිද්ධ පාස­ලක ආදි සිසුන් සංවි­ධා­න කළ සංගීත සැඳෑ­වක පිහි ඇනු­මක්:

ආදි සිසු­වෙක් බර­ප­තළ තුවාල ලබා රෝහලේ

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

ජාඇළ විශේෂ - තිස්ස කොටි­න්ක­ඩුව

දිව­යිනේ ප්‍රසිද්ධ ගායක ගායි­කා­වන් රැස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් ජාඇළ දී පැවති රාත්‍රී සංගීත සංද­ර්ශ­න­ය­කදී නර­ඹ­න්නන් දෙපි­රි­සක් අතර ඇතිවූ ගැටු­ම­කික් 20 හැවි­රිදි තරු­ණ­යකු පිහි ඇනුම් කා බර­ප­තළ තත්ත්ව­යෙන් රාගම ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කළ බව ජාඇළ පොලි­සිය පව­සයි.

ජාඇළ ප්‍රදේ­ශයේ ප්‍රසිද්ධ පාස­ලක ආදි ශිෂ්‍ය සංග­මය තම පාසලේ ක්‍රීඩං­ග­ණය සංව­ර්ධ­නය කිරීම සඳහා ආධාර මුදල් ලබා ගැනීමේ අර­මු­ණින් සංවි­ධා­න කර ඉකුත් දින ජාඇළ සෙක්කු­වත්ත ක්‍රීඩාං­ග­ණයේ දී පව­ත්වන ලද සංගීත සංද­ර්ශ­නය අත­ර­තුර එය නැර­ඹී­මට පැමිණි දෙපි­රි­සක් අතර ඇතිවූ බහි­න්බ­ස්වී­මක් දුර­දි­ග­යා­මෙන් මෙම සිද්ධිය ඇතිවී ඇති බව පොලි­සිය පව­සයි. පිහි ඇනුම් කෑ තරු­ණ­යාට අම­ත­රව තවත් තරු­ණ­යෙක් මෙහිදී දැඩි පහ­ර­කෑ­ම­කට ලක්ව බර­ප­තළ තුවාල සහි­තව ප්‍රති­කාර සඳහා රාගම ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කොට ඇත. රෝහල් ගත­කර ඇති දෙදෙ­නා­ගෙන් එක් අයකු තුඩැල්ල ප්‍රදේ­ශයේ ද අනෙකා ඒකල ප්‍රදේ­ශයේ ද පදිං­චි­ක­රු­වන් බව පොලි­සිය පව­සයි. ඔවුන් දෙදෙ­නාම අදාළ සංගීත සංද­ර්ශ­නය සංවි­ධා­නය කළ පාස­ලේම අධ්‍යා­ප­නය ලබ­මින් සිට පසු­ගිය වසරේ පාස­ලෙන් ඉවත්වූ ආදි සිසුන් දෙදෙ­නෙකු බව එම විදු­හල් පාල­නා­ධි­කා­රිය පව­සයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් දැනට කිසිම සැක­ක­රු­වකු පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT