Home » රුසි­යානු කතුන් දෙදෙ­න­කුගේ අත්බෑග් දෙතැ­න­කදී කොල්ල­කාලා

රුසි­යානු කතුන් දෙදෙ­න­කුගේ අත්බෑග් දෙතැ­න­කදී කොල්ල­කාලා

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

දකුණු පළාත් සංචා­රක - එස්. දීය­ග­හගේ

ගාල්ල, කළු­වැල්ල ප්‍රදේ­ශ­යේදී පාරේ ගමන් කර­මින් සිටි විදේ­ශීය කාන්තා­ව­කගේ මුදල්, දුර­ක­ත­නය, ගමන් බල­ප­ත්‍රය සහිත අත් බෑගය යතු­රු­පැ­දි­කින් පැමිණි දෙදෙ­නකු විසින් පෙරේදා (13) රාත්‍රියේ කොල්ලකා පලා­ගොස් ඇතැයි ගාල්ල පොලි­සිය පව­සයි.

රුසි­යානු ජාතික මෙම කාන්තාව ඉකුත් 09 වැනිදා ලංකා­වට පැමිණ හික්ක­ඩුවේ නත­රව සිට තවත් මිතු­රි­යක් සමඟ ගාල්ලට පැමිණ පෙරේදා (14) රාත්‍රී අටට පමණ කළු­වැල්ලේ පිහිටි වෙළෙඳ ආය­ත­න­ය­කට යමින් සිටින විට යතු­රු­පැ­දි­ය­කින් පැමිණි දෙදෙ­නකු ඇයගේ බෑගය කොල්ලකා පලා­ගොස් ඇත. බෑගයේ රුපි­යල් 13,000ක් අ‍ෙම­රි­කන් ඩොලර් 100ක් ඇපල් වර්ගයේ ජංගම දුර­ක­ත­න­යක් සහ ගමන් බල­ප­ත්‍රය තිබූ බව ද සඳ­හන් කර­මින් පොලි­සි­යට පැමි­ණිලි කර ඇත.

මේ අතර ඉකුත් 04 වන දින රාත්‍රියේ ද ගාල්ල කොටුවේ පාග­ම­නින් යමින් සිටි රුසි­යානු ජාතික කාන්තා­ව­කගේ ද මුදල් බෑගය යතු­රු­පැ­දි­ය­කින් පැමිණි දෙදෙ­නකු කොල්ලකා පලා­ගොස් ඇත.

සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා ගාල්ල පොලි­සිය විසින් පරී­ක්ෂණ පව­ත්වා­ගෙන යනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT