පොලිස් නිලධාරීන් දැක ඇල්ල බිංගෙය අසලදී හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 30ක් සහ යතුරුපැදියක් දමා පලාගොස් සැඟව සිටි සැකකරුවෙකු වැල්ලවාය නගරයේදී පසුගියදා (14) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි. යක්කල-නුවර මාර්ගයෙහි කලක් පදිංචිව සිට දැනට බුත්තල යුදගනාව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
යතුරුපැදියක හෙරොයින් මත්ද්‍රව්‍ය සඟවාගෙන වැල්ලවාය ප්‍රදේශයේ සිට ඇල්ල නගරයට ගෙනැවිත් දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ම තරුණයින් හට හොර රහසේ විකුණන බවට පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත ඇල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් ඇල්ල නගරයේ සිදු කළ වැටලීමකදී සැකකරු පොලිස් නිලධාරීන් දැක හෙරොයින් පැකට් 30ක් සමඟ යතුරුපැදිය බිංගෙය අසල දමා පලාගොස් සැඟවී සිටි බව පොලිසිය සඳහන් කළේය.
අනතුරුව ඇල්ල පොලිසිය මඟින් යතුරුපැදිය සමඟ හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු වලට අනුව ඇල්ල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් වැල්ලවාය නගරයේ රැකවලෙහි නිරතව සිට සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණයෙන් ලබාගත් රඳවා තබා ගැනීමේ නියෝගයක් මත සැකකරු රඳවා තබාගෙන තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය පවසයි. බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන, පොලිස් අධිකාරි ඩී. බී. එච්. කළණසිරි, සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.කේ. යූ. ඩබ්ලිව්. අබේගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක චන්දන, පොලිස් කොස්තාපල් (76826) ඇහැලියගොඩ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.