Home » පොල් කිලෝ 10496ක් අරන් රුපි­යල් 11, 65144ක අගරු චෙක්පත් දීලා

පොල් කිලෝ 10496ක් අරන් රුපි­යල් 11, 65144ක අගරු චෙක්පත් දීලා

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

දකුණු පළාත් සංචා­රක - එස්. දීය­ග­හගේ

ලෙලි ගසන ලද පොල් ගෙඩි කිලෝ 10496ක් ලබා­ගෙන රුපි­යල් 11 65144ක අගරු චෙක්පත් දී විශ්වා­සය කඩ­කි­රීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලද සැක­ක­රු­වෙකු රුපි­යල් විසි­ල­ක්ෂ­යක ශරීර ඇප­යක් මත මුදා හැරී­මට ගාල්ල ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති­කු­මාර මහතා නියෝග කළේය. මෙසේ ඇප මත මුදා­හ­රිනු ලැබූයේ කුලි­යා­පි­ටිය තුත්ති­රි­පි­ටිය පදිංචි අයි.එම්. කපිල කුමාර නමැති පුද්ග­ල­යෙකි. ඔහු නපී­නු­වල ප්‍රදේ­ශයේ තොග වශ­යෙන් පොල් එකතු කරනු ලබන පුද්ග­ල­යෙ­කු­ගෙන් ලෙලි ගැසූ පොල්ගෙඩි කිලෝ 10496ක් ලබා­ගෙන අවස්ථා දෙක­කදී රුපි­යල් 11, 65144ක චෙක්පත් ලබාදී ඇති අතර එම චෙක්පත් අගරු වීම නිසා පොලි­සි­යට පැමි­ණිලි කර ඇත. ගාල්ල පොලි­සියේ විශේෂ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පුලස්ති සොයිසා මහ­තාගේ උප­දෙස් පරිදි පොලිස් පරී­ක්ෂක කේ.ජී. ජය­සිරි මහතා ඇතුළු නිල­ධාරි කණ්ඩා­ය­මක් විසින් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලදි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT