ලෙලි ගසන ලද පොල් ගෙඩි කිලෝ 10496ක් ලබාගෙන රුපියල් 11 65144ක අගරු චෙක්පත් දී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු රුපියල් විසිලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල ප්රධාන මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය. මෙසේ ඇප මත මුදාහරිනු ලැබූයේ කුලියාපිටිය තුත්තිරිපිටිය පදිංචි අයි.එම්. කපිල කුමාර නමැති පුද්ගලයෙකි. ඔහු නපීනුවල ප්රදේශයේ තොග වශයෙන් පොල් එකතු කරනු ලබන පුද්ගලයෙකුගෙන් ලෙලි ගැසූ පොල්ගෙඩි කිලෝ 10496ක් ලබාගෙන අවස්ථා දෙකකදී රුපියල් 11, 65144ක චෙක්පත් ලබාදී ඇති අතර එම චෙක්පත් අගරු වීම නිසා පොලිසියට පැමිණිලි කර ඇත. ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක පුලස්ති සොයිසා මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක කේ.ජී. ජයසිරි මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.