Home » ශ්‍රී ලංකා එක්දින පිලේ ක්‍රීඩ­කයෝ රැසක් ශ්‍රේණි­ගත කිරී­මෙන් ඉහ­ළට

ශ්‍රී ලංකා එක්දින පිලේ ක්‍රීඩ­කයෝ රැසක් ශ්‍රේණි­ගත කිරී­මෙන් ඉහ­ළට

by Gayan Abeykoon
August 15, 2024 1:22 am 0 comment

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය ඊයේ නිකුත් කළ නව­තම එක්දින ක්‍රිකට් ශ්‍රේණි­ගත කිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩ­කයෝ රැසක් සිය ස්ථාන­ව­ලින් ඉහ­ළට ඒමට සමත්ව සිටිති.

වසර 27කට පසු ඉන්දි­යා­වට එරෙ­හිව එක්දින තර­ගා­වලි ජයක් ලබා ගැනී­මට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර, එම තර­ගා­ව­ලියේ දැක්වූ දස්කම් මත මෙලෙස යළිත් ශ්‍රේණි­ගත කිරී­ම්වල ඉදි­රි­යට යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ සමත් වූහ.

ඒ අනුව ආර­ම්භක පිති­කරු පැතුම් නිශ්ශංක එක් ස්ථාන­යක් ඉහ­ළට යමින් 8 වැනි ස්ථාන­යට පත්ව ඇති අතර, කුසල් මෙන්ඩිස් ස්ථාන 5කින් (39) ඉහළ යද්දී අවිශ්ක ප්‍රනාන්දු 68 වැනි තැනට පැමිණ ඇත්තේ ස්ථාන 20ක් ඉදි­රි­යට එමිනි. ඉන්දි­යා­වට එරෙහි තර­ගා­ව­ලිය නිමා­වත් සමඟ අවිශ්ක ප්‍රනාන්දු 88 වැනි තැනට පත්ව තිබිණි. නායක චරිත් අස­ලංක 17 වැනි තැන සිටී. ඉන්දීය නායක රෝහිත් ශර්මා එක් ස්ථාන­යක් ඉදි­රි­යට ගොස් දෙවැනි තැන සිටින අතර, පාකි­ස්තා­නයේ බාබර් අසාම් පළමු ස්ථානයේ රැඳී සිටී.

ඉන්දීය තර­ගා­ව­ලිය නිමා­වත් සමඟ දුනිත් වෙල්ලා­ලගේ පන්දු යවන්න් අතර 76 තැනට සහ තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතර 67 වැනි තැනට පත් විය. ඊයේ නිකුත් කළ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව ඔහු පන්දු යව­න්නන් අතර ස්ථාන 17ක් ඉදි­රි­යට ගොස් 59 වැනි තැනට සහ තුන් ඉරි­ය­ව්වෙන් ස්ථාන 15ක් ඉදි­රි­යට ගොස් 52 වැනි තැනට සමව හිමි­කම් කියයි. නේපා­ලයේ සොම්පාල් කාමි සහ බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් ද 52 වැනි තැන සිටිති.

වනිඳු හස­රංග පන්දු යැවී­මෙන් ස්ථාන 3ක් (30) සහ තුන් ඉරි­ය­ව්වෙන් ස්ථාන­යක් (18) පහත වැටී තිබේ.

 

නිරෝ­ෂාන් ප්රියං­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT