Home » පල්ලියේ ආලේප කිරීමට ගෙනා තීන්ත ලොරියේ තවත් වාහනයක් ගැටී ලක්ෂ 10ක තීන්ත පාර පුරා

පල්ලියේ ආලේප කිරීමට ගෙනා තීන්ත ලොරියේ තවත් වාහනයක් ගැටී ලක්ෂ 10ක තීන්ත පාර පුරා

by sachintha
August 17, 2024 1:30 am 0 comment

මාම්පුරිය කතෝලික දේවස්ථානයේ ආලේප කිරීමට රැගෙන ආ තින්ත ලොරියක් අනතුරට ලක්වීමෙන් ලක්ෂ 10කට ආසන්න තින්ත තොගය මාර්ගය පුරා විසිරි විනාශ වී ඇති බව නොරෝච්චෝල පොලිසිය ඊයේ(16) පැවසීය.

මාම්පුරීය ආවේ මරියා දේවස්ථානයේ අලුත්වැඩියාවෙන් පසු අලේප කිරීමට රැගෙන එමින් තිබු රුපියල් ලක්ෂ 10කට වැඩි වටිනාකමින් යුත් තින්ත තොගය සහිත ලොරිය පල්ලියට රැගෙන යෑමේ අරමුණින් මාර්ගය අසල නවතා තිබියදී අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් මෙලෙස ලොරියේ ගැටී ඇති බව කියයි. කැබ් රථය තින්ත ලොරියේ ගැටීමෙන් ලොරියේ පිටුපස ගැටී එහි ගබඩා කර තිබු තීන්ත තොගය සහිත බකට් පුපුරා මාර්ගයේ තින්ත විසිරී තිබු බව පොලිසිය කියයි.

අදාළ තීන්ත තොගය දේවස්ථානයේ බැතිමතුන් විසින් එකතු කළ මුදල් යොදවා තීන්ත බෙදාහැරීමේ සමාගමකට ඇනවුම ලබා දී රැගෙන විත් තිබු බව කියයි.

අනතුරින් තීන්ත තොගය විනාශ වීමෙන් පසු දේවස්ථානයේ බැතිමතුන් දැඩි දුකට පත්ව සිටිති.අනතුරින් කැබ් රථ රියැදුරුට හා තින්ත රැගෙන ආ ලොරි රථයේ රියැදුරු හා සහයකයාට අනතුරක් වි නැත. අනතුරින් වාහන දෙකටම හානි සිදුව තිබුණි.

පුත්තලම අතිරේක

හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT