Home » ආර්.සී.පි ටිකිරි ළමා ගුවන් විදුලි සේවය සිසු අයිතියට

ආර්.සී.පි ටිකිරි ළමා ගුවන් විදුලි සේවය සිසු අයිතියට

by sachintha
August 17, 2024 1:32 am 0 comment

කෑගල්ල,දේවාලේගම,වලගම රෝමානු කතෝලික ප්‍රාථමිකයේ ළමා ගුවන් විදුලි සේවය සිසු අයිතියට පැවරීම සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන දේශිකා ශාස්ත්‍රපති ඉනෝකා මිණිපළග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයි නාලිකාවේ,නාලිකා ප්‍රධානී විජය දිසානායක,ස්වාධීන රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති නිවේදක සංඛ ජයමාල්,මොණරා රූපවාහිනී ආයතනයේ වැඩසටහන් නිවේදක තීක්ෂණ සෞභාග්‍යය මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

සාර්ථක මිනිසකු හැමවිටම හොඳ සන්නිවේදකයෙක්.මාධ්‍යය ඒකකය මගින් දරුවන්ගේ ජීවිතවලට කුසලතා රාශියක් එකතු කර ගැනීමට අවස්ථාව උදා කරදීමට බලාපොරොත්තු වන බවත්,දරුවන්ගේ විභව ශක්තීන් සැමවිටම සැඟවිලා තිබෙන නිසා ඒවා මතු කර ගනිමින් ඔවුන්ට ලෝකය දිනන්නට එම ශක්තීන් මතු කරගන්න අවස්ථාවක් සලසා දිය යුතු බවත්,මාධ්‍ය ඒකකය දරුවන්ට හොඳ ඉගෙනුම් අවස්ථාවක් සලසා දෙන බවත් විදුහල්පති ප්‍රියන්ත රෝහණ බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

දරුවන්ගේ ශක්තීන් දියුණු කර ගැනීමට අත්වැලක් සපයන ආර්.සී.පී ටිකිරි ළමා ගුවන්විදුලිය මගින් ආගමික කටයුතු, දැනුම හා විනෝදය සඳහා වැඩසටහන්, දක්ෂතා ඇති සිසුන් හඳුන්වාදීම, හඳුනාගන්නා ලද ගැටලු සඳහා විසඳුම් යෝජනා කිරීම යනාදී කාර්යයන් රැසක් ඉටු කිරීම අරමුණ බව ළමා ගුවන් විදුලිය භාර එම්.ඉන්ද්‍රානි විජයලතා ගුරුතුමිය පැවසුවාය.

ළමා ගුවන් විදුලි සේවය පවත්වාගෙන යෑමට අවශ්‍ය උපකරණ ඉනෝකා මිණිපළඟ මහත්මිය විසින් පරිත්‍යාග කරන ලදී. එදින ප්‍රවෘත්ති සහ නිවේදන ඉදිරිපත් කරන ආකාරය ගැන වැඩමුළුවක්ද පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT