ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා පුහුණු පාසල මඟින් පවත්වනු ලබන ‘නාගරික සටන් පාඨමාලාවේ’ 3 වැනි පාඨමාලාව හැදෑරූ 61 දෙනකු සඳහා සහතික පත් ප්රදානය කිරීම ත්‍රිකුණාමලය ‘මංකි බ්‍රිජ්’ පිහිටි 4 වැනි විශේෂ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.
පාඨමාලාව හැදෑරූ 61 දෙනා අතරට නිලධාරීන් දෙදෙනකු හා සෙසු නිළයන් 59 දෙනෙකු වන අතර, සහතික පත් ප්රදානය වන්නි ආරක්ෂක සේනා ආඥාපති හා විශේෂ බළකාධිපති මේජර් ජෙනරාල් ජේ.පී.සී. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මේ අවස්ථාවට 53 වැනි පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් එම්.ටී.අයි. මහලේකම් මහතාද එක් විය. පාඨමාලාවේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක්ද මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.
ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්.ගුණානන්ද