Friday, May 16, 2025
Home » දෙවියන්ට පූජා කළ අඹ ගෙඩියක් වෙන්දේසියේදී 285,000කට මිලට ගත් කාන්තාව ජර්මනියේ සිට නිවාඩුවකට පැමිණි කෙනෙක්

දෙවියන්ට පූජා කළ අඹ ගෙඩියක් වෙන්දේසියේදී 285,000කට මිලට ගත් කාන්තාව ජර්මනියේ සිට නිවාඩුවකට පැමිණි කෙනෙක්

by sachintha
August 17, 2024 1:37 am 0 comment

වවුනියාවේ කෝවිලක පැවති මංගල්‍යයෙන් පසුව දෙවියන්ට පූජා කරන ලද අඹ ගෙඩියක් වෙන්දේසියේ දමා විකිණූ අවස්ථාවේදී එම අඹ ගෙඩිය රුපියල් දෙලක්ෂ අසූපන් දහසකට (285,000) කාන්තාවක් විසින් පෙරේදා (14) රාත්‍රී මිලට ගෙන තිබේ.

එම මංගල්‍යය හා දේව පූජාව පවත්වන ලද්දේ වවුනියාවේ උක්කුලාන්කුලම ශ්‍රී සිත්ති වින්යාර් කෝවිලේය.

කෝවිලේ උත්සවයට තුන් දහසක පමණ බැතිමතුන් පිරිසක් සහභාගි වී සිටි අතර අඹ ගෙඩිය වෙන්දේසි කළ අවස්ථාවේදී එම අඹ ගෙඩිය රුපියල් දෙලක්ෂ අසූපන් දහසක මුදලකට ජර්මනියේ සිට නිවාඩුවකට පැමිණ සිටින වවුනියාව උක්කුලාන්කුලම ගම්මානයේ පදිංචි එස්. සින්ධුජා නමැති කාන්තාව විසින් මිලට ගෙන තිබේ.

හින්දු කෝවිල්වල වාර්ෂික මංගල්‍යයේදී අඹ පූජාවට වෙනම දිනයක් වෙන් කෙරෙන අතර එම පූජාවේදී දෙවියන් වෙත පූජා කරනු ලබන අඹ රැගෙන ගොස් නිවෙසේ තබා ගැනීමෙන් නිවෙසට හා එහි ජීවත් වන පුද්ගලයින්ට විශේෂයෙන් ආශිර්වාදයක් සිදුවන බවට හින්දු බැතිමතින් තුළ දැඩි විශ්වාසයක් පවතී.

එම නිසා උතුරේ කෝවිල්වලදී අඹ වෙන්දේසියේ දිනයට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවා අඹ මිලට ගෙන නිවෙසට ගෙන ගොස් නිවෙසේ දෙවියන් වෙනුවෙන් වෙන් වූ කාමරයේ එල්ලා තැබීම හින්දු ජනතාවගේ සිරිතක් වී ඇත.

 

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT