Home » නාමයෝජනා භාර දීමේ රාජකාරියට බාධා කළ රුහුණ ජනතා පක්ෂයේ චතුරංගට මුදල් සහ ශරීර ඇප

නාමයෝජනා භාර දීමේ රාජකාරියට බාධා කළ රුහුණ ජනතා පක්ෂයේ චතුරංගට මුදල් සහ ශරීර ඇප

by sachintha
August 17, 2024 3:26 am 0 comment

මැතිවරණ මහලේකම් කාර්යාලයේ නාමයෝජනා භාරදීමේ රාජකාරියට බාධා කළැයි වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් රුහුණ ජනතා පක්ෂයේ සාමාජික චතුරංග රන්දිමල් ගමගේ යන අය රුපියල් 7500ක මුදල් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (16) නියෝග කළේය. වැලිකඩ පොලිසිය හමුවේ අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ සැකකරු සැලසුම් සහගතව මෙම ස්ථානයට ඇතුළු වී නාමයෝජනා සම්බන්ධ රාජකාරීන්වලට බධා කිරීමට තැත් කළ බවයි.

මෙම සැකකරුගෙ ජංගම දුරකතනය සහ පරිගණක යන්ත්‍ර පොලිසියට පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබා දෙන ලෙස සැකකරුගෙන් ඉල්ලීමක් කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බව වැලිකඩ පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ තම සේවාදායකයා සන්තකයේ අදාළ ස්ථානයට ඇතුළුවීම සඳහා රෝස පැහැති ප්‍රවේශ පත්‍රයක් තිබු හෙයින් ආරක්ෂක මණ්ඩලයේ අනුදැනුම මත එම ස්ථානයට ඇතුළු වූ බවත් පසුව ආරක්ෂක අංශ සහ පොලිසිය මොහු විරෝධතාවයක් කිරීමට පැමිණීම සඳහන් කරමින් අත්අඩංගුවට ගෙන ඇති බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව තම සේවාදායකයා මොහු කිසිදු අනුමැතියකින් තොරව මෙම ස්ථානයට ඇතුළු වු බවක් පෙනී නොයන බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලීය.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහරිමින් සැකකරුගේ පරිගණක සහ ජංගම දුරකතන පරීක්ෂා කර බැලීමට සහාය ලබා දෙන මෙන්ද සැකකරුට නියෝග කළේය. මෙම නඩුකරය නැවත සැප්තැම්බර් 02 කැඳවීමට නියමිතය.

භාග්‍යා සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT