Monday, May 5, 2025
Home » වසරකට සුනඛ සපාකෑම් ලක්ෂ 3 පනී

වසරකට සුනඛ සපාකෑම් ලක්ෂ 3 පනී

-විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ

by sachintha
August 17, 2024 3:29 am 0 comment

වසරකට සුනඛ සපාකෑම් ලක්ෂ තුනක් වන බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසීය.

සුනඛ සපාකෑම්වලට ලක්වන පුද්ගලයන්ගෙන් ලක්ෂයකට පමණ එන්නත් ලබාදීමට සිදු වන බවත් 2022 වර්ෂයේදී සුනඛ සපාකෑම්වලට ලබාදුන් එන්නත්වලට පමණක් රුපියල් මිලියන 225ක් වැය වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජලභීතිකාව සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පසුගියදා (14) පැවසුවේය.

වසර 2030 වන විට මානව ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ අරමුණ වේ.

සුනඛ සපාකෑමට ලක්වීමේදී සුනඛයාට එන්නත් විද තිබුණ ද, සපාකෑමට ලක් වූ පුද්ගලයා එන්නත් විද ගැනීම සඳහා යොමුවීම ඉතා වැදගත් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

පිස්සු බලු රෝගය ඍජුව මොළයට බලපා රෝග ලක්ෂණ මතුවීමෙන් පසු භයානක තත්ත්වයක් උදාවන බවත් එම නිසා සුනඛ සපාකෑමකදී අනිවාර්යයෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ජීවිත අවදානම වළක්වා ගත හැකි බවත් ඒ මහතා පැවසුවේය.

සුනඛයන් අතර ජලභීතිකා රෝගය තුරන් කිරීම ඉලක්කයක් විය යුතු බවත් නමුත් දැනට ජලභීතිකාව පාලනය කරගෙන තිබෙනුයේ මානව එන්නත්කරණය තුළින් බවත් ඔහු කීය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT