Thursday, May 8, 2025
Home » විනිසුරු සෝභිත රාජකරුණා වැඩබලන අභියාචනාධිකරණ සභාපති ධුරයට

විනිසුරු සෝභිත රාජකරුණා වැඩබලන අභියාචනාධිකරණ සභාපති ධුරයට

by sachintha
August 17, 2024 1:29 am 0 comment

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා පත් කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ පත්වීම සිදු කර ඇත. ඒ මහතා වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඊයේ (16) දිවුරුම් දුන්නේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා රටින් බැහැරවීම හේතුවෙන් ඒ මහතා නැවත පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදු කර ඇත. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT