289
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මහතා ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බව ඊයේ (16) ප්‍රකාශ කළේය. ෆ්ලවර් රෝඩ්හි පිහිටි ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ආවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඊයේ (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවී තමාගේ හා මඩකළපු දිස්ත්‍රික් ජනතාවගේ සහයෝගය වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට හෙතෙම සහතික වී තිබේ. ඒ මහතා 1998 වසරේ සිට සක්‍රීය දේශපාලනයේ යෙදෙන අතර 1994 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.
නෙත්මි පූජනී රත්නායක