Home » රටේ ඉදිරිය ගැන සිතා ජනපති රනිල්ට සහාය දීමට තීරණය කළා

රටේ ඉදිරිය ගැන සිතා ජනපති රනිල්ට සහාය දීමට තීරණය කළා

ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ සභාපති

by sachintha
August 17, 2024 12:35 am 0 comment

ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ රනිල්ට සහාය දීමට තීරණය කර ඇති බව එම පෙරමුණේ සභාපති ආචාර්ය චම්පික රෝෂන් ලෝව් මහතා ප්‍රකාශ කර සිටි. ඔහු මේ බව කියා සිටියේ ලොරිස් පාර කාර්යාලයේ පැවති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක් වෙමිනි. ඒ මහතා තවදුරටත් මෙසේද පැවසීය. අපේක්ෂකයෝ 39 අතරින් සුදුසුම අපේක්ෂකයා වන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් රටේ ඉදිරි ගමන ගෙන යෑමට සහාය දෙන බව ද ඒ මහතා මේ බව පැවැසීය.

අපි ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහය දෙන්න තීරණය කළා. අපි අපේ පාක්ෂිකයෝ නියෝජිතයෝ කැඳවා සාකච්ඡා කර මේ තීරණය ගත්තා.

අපේක්ෂකයන් 39ක් ඉදිරිපත් වෙලා ඉන්නවා, ඒ අයගෙන් පරිණත සහ නායකත්වය දෙස බැලුවම රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියෙන් සිටිනවා. එතුමා දැනටමත් ජයග්‍රහණය කරලා අවසන්, රනිල් ජනාධිපතිතුමා අගමැති ධුරය කිහිපවතාවක් හා ජනාධිපති ධුරය දරපු කෙනෙක්. එතුමා එක්ක සම කරන්න බෑ. කවුරුත් ඉදිරියට නාපු වේලාවක රනිල් ජනාධිපතිතුමා ඉදිරියට ආවා. ඒ මෙහෙවර ඉවර නෑ. ඉදිරියට යන්න ඕනෑ. වෙන කෙනෙක් ආවොත් නැවත අපේ රට වසර දෙකකට පෙර තිබුණු තත්ත්වයට යන්න වේවි.

අපි ඉල්ලීම් ඉල්ලා නෑ. අපි කරන්නේ ප්‍රතිපත්ති දේශපාලනයක්. අනුර කුමාර අඩුම තරමේ විපක්ෂයටවත් එන්නේ නෑ. එයාලා කොහේද 50%ක් ගන්නේ. අපි කියන්නේ එකතු වෙලා රට ගොඩ ගනිමුයි කියලා. අපි සජිත් ප්‍රේමදාස මහතාටත් ආරාධනා කරනවා එන්න රනිල් වික්‍රමසිංහ මහතා එක්ක එකතු වෙන්න කියලා. මේ හොරු අල්ලන වෙලාව නොවෙයි. ඔය තරග කරන 1, 2, 3, අතරත් එහෙම අය ඇති. පාර්ලිමේන්තුවේ ඇති. කිසිවෙක් මේ රට භාරගත්තේ නැති වේලාවකයි එක ආසනයක් තිබුණු රනිල් වික්‍රමසිංහ රට භාරගෙන මේ රට අද තිබුණු තත්ත්වයට ගෙනාවේ. තව වසර 5ක් ජනාධිපතිතුමාට බලය දුන්නොත් මේ රට නිවැරදි තැනට එතුමා රැගෙන යාවි.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT