204
මැතිවරණ සමයේ විවිධ දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගන්නා කටවුට්, පෝස්ටර් සහ අනවසර සැරසිලි ඉවත් කිරීම සඳහා තාවකාලික පදනම යටතේ කම්කරුවන් 1500කට ආසන්න පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවාගෙන තිබේ. මූලස්ථාන පොලිසියකට කම්කරුවන් සිව්දෙනකු, A-1 ශ්‍රේණියේ පොලිසියකට කම්කරුවන් තිදෙනකු, A-2 ශ්‍රේණියේ පොලිසියකට කම්කරුවන් තිදෙනකු හා සෙසු පොලිස් ස්ථානවලට කම්කරුවන් දෙදෙනකු වශයෙන් රට පුරා ඇති සියලු පොලිස් ස්ථානවලට මේ අනුව තාවකාලික කම්කරුවන් බඳවාගැනේ.
මෙසේ බඳවා ගන්නා කම්කරුවන්ට මැතිවරණ කොමිසම මඟින් දෛනිකව ගෙවීම් සිදු කරනු ඇත.
ගයාන් කුමාර වීරසිංහ