Home » සජිත් ප්‍රේමදාස දළදා සමිඳුන් වැඳපුදා ගනී

සජිත් ප්‍රේමදාස දළදා සමිඳුන් වැඳපුදා ගනී

by sachintha
August 17, 2024 2:45 am 0 comment

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට ඊයේ (16) පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා දළදා මාලිගාවට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගනු ලැබීය. අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා දළදා වහන්සේට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව විපක්ෂ නායකවරයා ශ්‍රී මහා නාථ දේවාලයට, ශ්‍රී මහා විෂ්ණු දේවාලයට, ශ්‍රී මහා කතරගම දේවාලයට ගොස් ආශිර්වාද ලබාගත්තේය. ජලනි ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් කිරිඇල්ල, සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා, රෝහිණි කවිරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT