Home » ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණය දුන් නියෝගය

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණය දුන් නියෝගය

by yasara
August 20, 2024 11:24 am 0 comment

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු 11දෙනා අද (20) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි

එහි දී අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

ඔවුන්ව අද (20) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT