Home » අලි ගහනය පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඉදිරි මාස 3-4 අතර එළිදක්වනවා

අලි ගහනය පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඉදිරි මාස 3-4 අතර එළිදක්වනවා

-වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර

by sachintha
August 20, 2024 3:14 am 0 comment

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ අලි ගහනය පිළිබඳ තෙදින දීප ව්‍යාප්ත සමීක්ෂණයේ වාර්තාව ඉදිරි මාස 3-4 අතර කාලයකදී එළිදැක්වීමට සැලසුම් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පවසයි.

පසුගිය 17 දා ආරම්භ වූ මේ සමීක්ෂණය ඊයේ (19) පස්වරු 1.00ට පමණ අවසන් වී ඇත. අධ්‍යක්ෂ ජනරාල්වරයා දිනමිණ කළ විමසුමකදී පැවසුවේ වන අලින් සම්බන්ධයෙන් දින තුනක් පුරා රැස් කළ තොරතුරු පරිගණකගත කිරීමට නියමිත බවත්, ඉන් අනතුරුව මාස 3-4 අතර කාලයකින් පසු මෙරට වනඅලි ගහනය සම්බන්ධයෙන් වාර්තාවක් එළිදැක්වීමට නියමිත බවත්ය.

ලංකාවේ වන අලි ගහනය, ඔවුන්ගේ සංරක්ෂණ තත්ත්වය කෙබඳු විය යුතුද, එහි ස්වභාවය හඳුනාගැනීම මෙන්ම වන අලි ගහනය අඩු ඉවීමකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාව පිළිබඳ කටයුතු යෙදීම මේ දීප ව්‍යාප්ත සමීක්ෂණයේ ප්‍රධාන අරමුණු අතර වන බව බවද සූරියබණ්ඩාර මහතා කියයි.

පසුගිය 17 දා ආරම්භ කළ මෙම අලි ගහනය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය ඊයේ (19) අවසන් වූ අතර, රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3130කදී මේ අලි ඇතුන් නිරීක්ෂණය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබිණි. මේ සමීක්ෂණයේදී දත්ත රැස් කිරීම සඳහා වනජීවී නිලධාරීන්, වෙනත් රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලය, ආරක්ෂක හමුදා සාමාජිකයන්, පෞද්ගලික අංශයේ විවිධ ආයතනවල සේවා නියුක්තයන්, උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් හා ස්ව කැමැත්තෙන් සහභාගි වන්නන් ඇතුළු 7,000කට අධික පිරිසක් සහභාගි වී ඇත.

දීප ව්‍යාප්ත අලි ගහනය සමීක්ෂණය අවසන් වරට පවත්වා ඇත්තේ 2011 වසරේදීය. මේ සමීක්ෂණයේදී මෙරට අලි ගහනයේ අවමය සතුන් 5,879ක් ලෙසත් එම ගහනයේ 55.09%ක් වැඩිහිටි අලින්ද, 25.03%ක් තරුණ වයසේ පසු වූ අලින්ද, 12.04%ක් පැටියන්ද, 6.04%ක් ළදරු අවස්ථාවේ සතුන්ද වූ බව වාර්තා වී ඇත.

 

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT