Tuesday, May 13, 2025
Home » මෙවර ජනපතිවරණයට සමහරු ඇවිත් ඉන්නෙ කළු සල්ලි සුදු කරගන්න

මෙවර ජනපතිවරණයට සමහරු ඇවිත් ඉන්නෙ කළු සල්ලි සුදු කරගන්න

- අගමැති මල්වතු නාහිමි හමුවේ පවසයි

by sachintha
August 20, 2024 3:29 am 0 comment

කිසිදු ආකාරයික් ජාතික වශයෙන් දේශපාලන කටයුතු වන නිරත නොවූ පුද්ගලයන්ද ජනපතිවරණය සඳහා නාමයෝජනා ලබා දී තිබෙන බවත් මේ අය අතර සිටින ඇතැම් අය ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ කළු සල්ලි සුදු කර ගැනීමට දැයි යන සැකය මතුවන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවේ පැවසුවේය.

අප්‍රකාශිත මුදල් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වැයකර යම් ආකාරයකට ප්‍රසිද්ධ වීමේ අපේක්ෂාවන්ද ඇතැම් පුද්ගලයන් තුළ තිබෙන බවත් ඊට අමතරව ජනතාව ඇමතීම සඳහා සියලු අපේක්ෂකයන්ට ලබාදෙන රූපවාහිනී කාලය ලබා ගැනීම සඳහා ජනපති අපේක්ෂකයන් වන පුද්ගලයන්ද සිටින බවත් ඒ මහතා කීය.

මෙවර ජනපතිවරණය සඳහා 39 දෙනකු නාමයෝජනා භාර දී තිබෙන බවත් මෙතරම් පිරිසක් ඉදිරිපත් වන්නේ එමගින් යම් වරප්‍රසාදයක් ලැබෙන නිසා ද යන්න සම්බන්ධව මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මුදල්වලට කරන්නට යමක් නැති පුද්ගලයන් ද ජනපතිවරණයට නාමයෝජනා ලබා දී තිබෙන බවක් පෙනෙන්නට තිබෙන්නේ යැයි ද මෙහි දී මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවැසූහ.

ජනපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇති අවශ්‍යතා සපුරා ඇත්නම් ඕනෑම අයෙකුට ඒ සඳහා ඉදිරිපත් වීමට හැකි නමුත් ජයග්‍රහණය කළ නොහැකි බව දැන දැනම ඇතමුන් අති විශාල මුදලක් ඒ වෙනුවෙන් වියදම් කිරීම ගැටලුවක් බව ද ගුණවර්ධන මහතා කීවේය. මුදල් බලයෙන් ඇතැම් ආයතන තමන් නතුකර ගැනීමට අපේක්ෂකයින් කටයුතු කරන බවත් මෙමගින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පවතින ඉඩකඩ ඇහිරී යන බවත් හෙතෙම අවධාරණය කළේය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT