මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට හිටපු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය තීරණය කර තිබේ. ඒ අනුව ඇය යාපනයේ දූපත් ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතු පෙරේදා (18) ආරම්භ කර ඇත. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකු ඇයගේ සහාය ඉල්ලා ඇතත් ඇය මෙවර ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට අදහස් කර කළ බව ප්‍රචාරක කටයුතු අතරතුර දී මාධ්‍යයට පැවසුවාය. ජනාධිපතිවරණය සඳහා මෙවර පොදු දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමත් සමඟම දෙමළ දේශපාලන පක්ෂ කීපයක් තුළම දැඩි භේදභින්න වීමක් දක්නට ඇති බව ද ඇය කීවාය. මේ හේතුව නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උතුරේ දෙමළ ජනතාවගේ පූර්ණ සහයෝගය ලබා දීම අනිවාර්යයෙන්ම සිදුවන බව ද හිටපු අමාත්‍යවරිය කියා සිටියාය. මැතිවරණය ආසන්නයේදී පොදු දෙමළ අපේක්ෂකයා ඉල්ලා අස්වීමක් හෝ නිහඬව සිටීමක් බලාපොරොත්තු විය හැකි බව ද විජයකලා මහේස්වරන් මහත්මිය කියා සිටියාය.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ